Posts

වෙරළත බිඳෙන රැළි

Image
බොහෝ උඩැරැටියන් දුම්රියෙන් දකුනේ සිටින සිය නෑහිතමිතුරන් දකින්නට එන්නේත් මහමුහුදේ සුන්දරත්වය විදිමින් ඈත මුහුදේ යන නැව් දෙස බැලීමේ ආශාවෙනි. මාදැලක්  අදින අයුරු පොල් ගසින්  ගසට අතුරේ යන අයුරු නොදුටුවන් තව කොයිතරම් ඇද්ද  පහතරට වැසියන්ද නෑහිත මිතුරන් බැහැ දැක කදුකර සිරියාව බලන්නට යන්නේත් දුම්රියෙනි. ඇතැමුන් දුම්රිය ගමනට බොහො බොහෝ ලැදිය. කලට වෙලාවට දුම්රිය නොපැමුනත් ඔව්න්  යන්නේද  එන්නේද දුම්රියෙනි. "අම්මට ලෙඩ උනා ආයෙත් උබව බලන්න ඕනෙලු වරෙන් - සෝමපාල " විජේපාලගේ රේණුකාගේ සකුන්තලාගේ සහ ඔහුගේ සහෝදරන්ගේ දෙදෙනාගේ ඉරණම විසදු විදුලි පුවත එය විය. සකුන්තලාගේ හිසමත මහමෙරක් තරම් වගකීමක් පැවරූ විදුලි පුවතද එයයි. ඇගේ යෞවනයේ සුන්දර සිහින ඈතින් ඈතට ගසාගෙන ගිය විදුලි පුවතද එයයි. www.gurulugomi.lk අන්තර් ජාල වෙබ් පුටුවෙන් නුදුරේදීම  ප්‍රකාශයට පත්වේ ජයරත්න මල් ශාලාවේ සිට බොරැල්ල කනත්තට ඇත්තේ පේනමානයේ දුරකි. ඇයගේ අවසන් තීරණයට ඔවුහු එරෙහි වුහ. විසිර ගියේද බහින් බස් වීමෙනි. එය ඇගේ හැටිය. ඇන්ජලා මැඩම්ට අනුව ඇ හිතුවක්කාරියෙකි. දිව්‍යාංජලීට අනුව නම් ඈ ආත්මාර්ථකාමීයෙකි. අරුණිට අනුව නම් ඈ ඇදහිය නොහැකි විශ

වෙරළත බිඳෙන රැළි 02 වන කොටස

Image
කළුබෝවිල රෝහල අසලින් අතුරු පාරට ත්‍රිරෝද රථය  හැරී ඉදිරියට ගියේය. දුරටම දුටු ලෑන්ඩ් රොවර් රථය නිසා සකුන්තලාගේ හිතට නැගුනේ තරහකි. කුලී නිවස අසලටම ත්‍රිරෝද රථය පැමින ඇත. දින කිහිපයකට පෙර මදුෂාන් සමග පැමින නිවස අස්කර යද්දි ගේට්ටුව ඉබියතුරු නොදා ගිය එක ගැන සකුන්තලාට පසුතැවිල්ලක් ඇතිවිය. "චික්" යන හඩ ඇගේ මුවින් පිටවිය   "කොහේද ගියේ, ඊයෙත් ආව, පෙරේදත් ආව, මම මේ ආවේ අද දවසට දෙවැනි පාර, පෝන් වැඩකරන්නේ නෑ ගෙදරට ගත්තට අන්සර් කරන්නේ නෑ" සකුන්තලාගේ හිතට යකා වැහිනි, ගේට්ටුව අසල සිට උත්තර දෙන්න ලෑස්ති වුනත්, යාබද නිවසේ පිරිමි දරුවා තාප්පේ උඩට නැග පේර කඩමින් සිටී දරුවා දුටු ඇය නිහඩ වුවාය. ඔහු පවසන්නේ ඇය ඔහුගේ බිරිදයයි සිතාද කියා හිතුනු සකුන්තලාගේ හිතට ආවේ කෝපයකි. නිවසේ දොරේ යතුර අත් බෑගයෙන් ගෙන යතුර හිලට දමා කැරකෙව්වාය. "ඇයි තමුසේ මගේ වාහෙද මම යන්නෙ එන්නේ කොහේද කියන්න තමුසේ මගේ කවුද...... මගේ කට අවුස්ස ගන්න එපා" සකුන්තලා සෙමින් ඇසුවේ පිටුපස හැරෙමින්ය. සාරි පොටේ කෙලවරින් පවන් ගසමින් සෝපාවේ අසුන් ගත්තේ ගත පුරා බේරෙන දහඩිය නිසාය.  "මගේ මල්ලි නැතිවුනා" සකුන්තලාගේ ම